
(එච්.චන්දන)
දිවයිනට බලපෑ තද වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය කියයි. පහත්බිම්වල පිහිටි නිවාසවල සිටි පිරිස් ආරක්ෂක ස්ථාන කාර්යාල කරා රැගෙන ගිය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ තැන තැන යටවීමේ ගමනා ගමනයට බාධා එල්ල ඇත.
පුත්තල කොළම මාර්ගයේ දිල්අඩිය සහ පාලවිය යන ප්‍රදේශ ජලයෙන් යටවි ඇත. පුත්තලම් කලපුම පුත්තලම මන්නාරම් මාර්ගයේ කොසකට පැමිණ ඇතැයි ද වාර්තා වේ.
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍යමහා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතිනවා. පුත්තලම පොලිසිය, වාරිමාර්ග කාර්යාලය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල රැසක් ජලයෙන් යටවී පවතිනවා.
පුත්තල හින්දු විද්‍යාලය ඇතුළු පහත් බිම් රැසක පිහිටි නිවාස විශාල ප්‍රමාණයක් දැනට ජලයෙන් යටවී තිබෙනවා.













